2025 නව වසර වෙනුවෙන් උපකුලපති රියර් අද්මිරාල් එච්ජීයූ ධම්මික කුමාර, වීඑස්වී, යූඑස්පී, පීඑස්සී, එම්මැරිටයිම්පොලිසි, බීඑස්සී (ඩීඑස්) විසින් නිකුත් කරනු ලබන සුභාෂිංශන පණිවිඩය

නැවුම් අභිප්රායන් පෙරදැරිව 2025 නව වසරට පා තබන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යන, අනධ්‍යන, පරිපාලන කාර්ය මණ්ඩලයටත්, විශ්වවිද්‍යාලීය රෝහලෙහි වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ නේවාසික හා අනේවාසික ශිෂ්‍යයන්ටත්, ඔබගේ පවුල්වල සියලු සාමාජිකයින්ටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්රායන් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ අධිෂ්ඨාන සහගත ගමනක් යාමට අපේක්ෂාවන් ඔබ තුළ ගොඩනැගී ඇති බව මා දනිමි. සියලුතැන්හි ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ තුළ ගොඩනැගෙන්නාවු ආත්මවිශ්වාසය, ආත්මශක්තිය සහ නොපසුබස්නා උත්සාහය මත බව ඔබ සිතට ගත යුතු වේ.
පසුගිය වසරේ මුහුණදුන් විවිධ වු බාධක කම්කටොලු මධ්‍යයේ ඉතා සාර්ථකව ඉදිරි පියවර තැබූ අප විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාලීය රෝහල තවදුරටත් ඉහලින් ඔසවා තැබීමට කැපවීමෙන් කටයුතු කල අතර, අදින් ඇරඹෙන නව වසරේදීද අප සැම විසින් එම ලඟාකරගත් සාර්ථකත්වය තවදුරටත් තීව්ර කර ගැනීම උදෙසා නැවුම් බලාපොරොත්තු ඇති කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. එම ලඟාකරගත් සාර්ථකත්වය උදෙසා ඉතා ඇප කැපවීමෙන් කටයුතු කල අධ්‍යන, අනධ්‍යන, පරිපාලන කාර්ය මණ්ඩලය මෙන්ම විශ්වවිද්‍යාල රෝහලෙහි වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ නේවාසික හා අනේවාසික ශිෂ්‍යන්ගේ කැපවීමද මා ඉතා අගය කරමි. මෙම නව වසරේදීත් අධ්‍යන කාර්ය මණ්ඩලයේ අධ්‍යන කටයුතු සඳහා කැපවීම ඉතා දැඩිව අපේක්ෂා කරන අතර, අනධ්‍යන සහ පරිපාලන කාර්ය මණ්ඩලය මෙන්ම විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩලයේ වගකීම්ද නොපිරිහෙලා ඉටු කරමින් අප ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග උදෙසා නොබිදුණු මනසකින් යුක්තව දායකත්වය ලබාදීම ඔබ සැමගේ වගකීමක් බව වටහා ගත යුතුය.
තවද, අප විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් ඔබ මෙම නව වසරේදීද ඔබගේ අධ්‍යන සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කර අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම සඳහා, ඉතා ඇප කැපවීමෙන් වෙහෙසෙනු ඇතැයි මම අපේක්ෂා කරමි. ඔබ සැම අප රටෙහි අනාගතය භාර ගැනීමට කැපවී සිටින පාර්ශවයක් ලෙස නිරන්තරයෙන් තම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට මෙම විශ්වවිද්‍යාලය තෝතැන්නක් කර ගනු ඇතැයි ද මම දැඩිව විශ්වාස කරමි.
මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් ලෙස අප සැම අපගේ කාර්යභාර්යයන් නොපිරිහෙලා ඇප කැපවීමෙන් ඉටු කිරිමටත්, පවතින සීමිත වූ මානව මෙන්ම භෞතික සම්පත්ද අරපිරිමැස්මෙන් සහ වගකීමෙන් යුතුව පරිහරණය කිරීමටත් කැපවිය යුතු බවට මෙම වසරේදීද අදිටන් කර ගනිමු.
ගෙවුණු 2024 වර්ෂයේ දී වෙබ් ශ්‍රේණිගත කිරිමේ දර්ශකයේ වාර්තා ගත ලෙස ඉදිරියට පැමීණිමට සමස්තයක් වශයෙන් අප විශ්වවිද්‍යාලය සමත් වු අතර, එම ලැබු ප්‍රගතිය මෙම නව වසරේදී තව දුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරනු ඇතැයි මම සියලු දෙනාගෙන්ම බලාපොරොත්තු වෙමි. එසේම මෙම වසරේදී තමන්ගෙන් තම පවුලට තම ආයතනයට සහ තම රටට ඉටුවිය යුතු යුතුකම් මනාව වටහාගෙන ඉටුකිරීමට මෙන්ම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන හර පද්ධතියට අනුකුලව තම ඉදිරි කටයුතු සිදුකරනු ඇතැයි මා ඔබ සැමගෙන් අපේක්ෂා කරමි.
අප රටෙහි ස්ථාපිත එකම ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සාඩම්බර සාමාජිකයින් ලෙස පැමිණෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදෙමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය කරන විසදුම් ලබාදීමට හැකි කණ්ඩායමක් ලෙසට අප සැම සහෝදරත්වයෙන් මෙන්ම සාමූහිකත්වයෙන් කටයුතු කර රටෙහි තිරසාර සංවර්ධන අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා උරදීමටත් අප විශ්වවිද්‍යාලය රටේ මෙන්ම මෙම කලාපයේ වැදගත්ම අධ්‍යාපනික කෙන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට අවශ්‍ය කරන ශක්තිය සහ ධෛර්ය අප සැමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
සමෘද්ධිමත් සහ තිරසාර සංවර්ධනයකට හිමිකම් කියන දේශයකට සියලු මං පෙත් උදාවේවායි මම ප්‍රාර්ථනා කරන අතර, ඔබ සැමට සහ ඔබගේ පවුල්වල සියලුම සාමාජිකයින් හට නිදුක් නිරෝගී සුවය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ සියළු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවායි මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනා ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

එච්ජීයූ ධම්මික කුමාර, වීඑස්වී, යූඑස්පී, පීඑස්සී, එම්මැරිටයිම්පොලිසි, බීඑස්සී (ඩීඑස්)
රියර් අද්මිරාල්
උපකුලපති
2025 ජනවාරි මස 01