උපකුලපතිතුමන්ගේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුභාශිංසන පණිවිඩය
- Posted by Admin
- Categories Art & Culture, News
- Date April 14, 2025

උදාවු 2025 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය හා විශ්වවිද්‍යාලීය රෝහල් කාර්යමණ්ඩලය සහ නේවාසික හා අනේවාසික ශිෂ්‍යයන්ටත්, ඔබගේ පවුල්වල සාමාජිකයින්ටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්රායන් ඉටුවන සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි!
එක් සිත්ව හා එක්සත්ව විශ්වවිද්‍යාලීය අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පෙර වර්ෂයන් පරිදිම අපගේ ඉලක්කයන් සපුරා ගැනීමට සහ අප රටේ තිරසාර සංවර්ධන අභිලාෂයන් මුදුන් පමුණුවාලීම සඳහා තම රාජකාරී ඉටු කිරීමේදී අවධානමට මුහුණ දෙමින්, පිඩාකාරී තත්වයන් මැඩපවත්වා ගනිමින්, ඉතා කැපවීමෙන් ක්‍රියාකරන ඔබ සියලුම දෙනා මෙම විශ්වවිද්‍යාලය වෙත ලබා දෙනු ලබන සේවය මා ඉතා අගය කරමි.
එහිදී තම වෘත්තිය රාජකාරීන් මනාව ඉටු කිරීම සඳහා ඔබගේ පවුල්වල සාමාජිකයින් විසින් ඔබ වෙනුවෙන් සිදුකරනු ලබන කැපකිරීම්වලට මාගේ කෘතඥතාවය පල කරනු ලබන අතර, තවදුරටත් වෘත්තීමය රාජකාරීන් වඩාත් කාර්යක්ෂමව සහ සාර්ථකව සිදුකිරීමට සහ ඔබගේ සියලුම පෞද්ගලික කටයුතු මනාව කලමනාකරණය කර ගනිමින් ජයග්රාහිව, සමෘද්ධිමත්ව මෙම වසර ගත කිරීමට ඔබට සහ පවුල්වල සාමාජිකයින්ට ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි!
මෙම උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ ජිවීත සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, ඔබ සියලු දෙනාටම තිසරණ සරණ සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය සහ පිහිට නිරතුරුවම ලැබේවායි පතමි!
එච්ජියු ධම්මික කුමාර, වීඑස්වී, යුඑස්පී, පීඑස්සී, එම්මැරිටයිම්පොලිසි, බීඑස්සී (ඩීඑස්)
රියර් අද්මිරාල්
උපකුලපති